Yongammulla Meditation Practice-
Meditation helps calm the mind and develop wisdom.
යොන්ගම්මුල්ල "අන්තර්ජාතික සියනෑ විපස්සනා බෞද්ධ භාවනා මධ්‍යස්ථානය" ඓතිහාසික අලවතුකන්ද ගල්ලෙන් ආරණ්‍යසේනාසන පුණ්‍ය භූමිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.
🌿 මේ ඔබේ සතිපට්ඨාන සමථ විපස්සනා භාවනා පුහුණු පාසලයි.
Yongammulla "International Siyana Vipassana Buddhist Meditation Center" Welcome to the historic Alawathukanda Rocks Aranyasenasana Sanctuary. “A place for peace, meditation, and wisdom for future generations”
This is your Satipatthana Samatha Vipassana Meditation Training School.
BUILD A MONASTERY – SHARE THE MERIT
“A place for peace, meditation, and wisdom — nurturing lives today and in the future.”
We humbly invite kind-hearted devotees to support the construction of a Buddhist Monastery dedicated to:
“අන්තර්ජාතික සියනෑ විපස්සනා බෞද්ධ භාවනා මධ්‍යස්ථානය”
ඓතිහාසික අලවතුකන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය,
යොන්ගමුල්ල,
යක්කල,
ශ්‍රී ලංකාව
මෙම ආශ්‍රමයේ භාවනා කුටි සැකසීමට දායකවී ඔබට මහගු පින්කමක සතුට අත් විදිය හැක.
සංචාරයක්, උපදේශනයක් හෝ කණ්ඩායම් දේශනාවක් වෙන්කරවා ගැනීමට අමතන්න.(0716 136136) අංකවලට සම්බන්ධ විය නොහැකි අවස්ථාවක කරුණාකර (0716 136136) WhatsApp පණිවිඩයක් තබන්න.
මෛත‍්‍රි භාවනාව
මෛත‍්‍රිය කියල කියන්නේ
තමාටත්, අන් අයටත් හදවතින්ම පවත්වන මිත‍්‍රත්වයයි. තමා තමාට මිත‍්‍ර නම් තමා විසින් තමන්ගේ ජීවිතයට හානියක්. කරදරයක් කර ගන්නෙ නැහැ. තමා අනුන්ට මිත‍්‍ර නම් අනුන්ගේ ජීවිතයට කරදරයක් කරන්නෙ නැහැ. මේ නිසා තමාටත්, අනුන්ටත් යහපත සළසන මිත‍්‍රත්වයට මෛත‍්‍රිය කියනවා.
මෛත‍්‍රී භාවනාව වඩන ආකාර දෙකක් මජ්ඣිම නිකායේ අනුරුද්ධ සූත‍්‍රයේ සඳහන් වෙනවා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ මෛත‍්‍රී භාවනාව වඩන ක්‍රම දෙක පිළිබඳව පැහැදිලි කරල දීල තියෙනවා. ඒ තමයි ,
අප්පමාණ චේතෝ විමුක්තිය වඩන හැටි…. අප්පමාණ චේතෝ විමුක්තිය කියන්නේ ප‍්‍රමාණ රහිත කොට දිශා වශයෙන් මෛත‍්‍රී සිත පැතිරවීමයි. ඒ කියන්නේ දිශා වශයෙන් වෙන් කරගෙන දස දිසාවටම මෛත‍්‍රිය වැඞීමයි. අප‍්‍රමාණ ක‍්‍රමයට මෛත‍්‍රී භාවනාව කරන්නට කැමති කෙනෙකුට මේ භාවනා වාක්‍ය කටපාඩම් කරගෙන මෛත‍්‍රී භාවනාව වඩන්න පුළුවන්.
මහග්ගත චේතෝ විමුක්තිය වඩන හැටි…. මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ ටිකෙන් ටික මෛත‍්‍රිය වඩන ප‍්‍රදේශය පුළුල් කරමින් මෛත‍්‍රිය වැඞීම යි. ඒ කියන්නේ පළමුවෙන් ම තමන්ට මෛත‍්‍රිය වඩනවා, ඊළඟට ගමේ අයට, පළාතේ අයට, තමන් ජීවත් වෙන රටේ අයට මෛත‍්‍රිය වඩනවා. මෙන්න මේ ක‍්‍රමයට මෛත‍්‍රී භාවනාව වඩන්න කැමති කෙනෙකුට මේ භාවනා වාක්‍ය ටික කටපාඩම් කරගෙන මහග්ගත ක‍්‍රමයට මෛත‍්‍රිය වඩන්න පුළුවන්.
මෛත්රී ධ්‍යාන දක්වා…….
ඇත්තෙන්ම මෛත‍්‍රී භාවනාවෙන් තුන් වෙනි ධ්‍යානය දක්වාම හිත දියුණු කරන්න පුළුවන්. මෛත‍්‍රී භාවනාව තුළින් ධ්‍යානයක් ඇති කරගන්න නම් බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙන ආකාරයටම භාවනා කළ යුතුයි. මේ ක‍්‍රමයට මෛත‍්‍රී භාවනාව වඩන කොට පංච නීවරණ යටපත් වෙලා මෛත‍්‍රී අරමුණ තුළම හිත එකඟ වෙනවා. ඒ එකඟ වූ සිතින් යුතුව තවදුරටත් මෛත‍්‍රී භාවනාව වඩන කොට විතක්ක, විචාර, නිරාමිස ප‍්‍රීතිය සැපය හා ඒකාග‍්‍රතාවය ඇති පළමු වෙනි ධ්‍යානය ලැබෙනවා. එයාට පුළුවන් තවදුරටත් මෛත‍්‍රී භාවනාව දියුණු කරලා දෙවෙනි, තුන්වෙනි කියන ධ්‍යාන ලබන්න.
මෛත‍්‍රී භාවනාවේ ආනිශංස අංගුත්තර නිකායේ මෙත්තානිංස සූත‍්‍රයේදී මෛත‍්‍රී භවනාව කරන කෙනෙකුට ලැබෙන ආනිසංස ඉතාම පැහැදිළිව පෙන්වා දීලා තියෙනවා. ඒ තමයි මෛත‍්‍රී භාවනාව වඩන පුද්ගලයා.
“International Siyane Vipassana Buddhist Meditation Centre”
Historic Alawathukanda Cave Forest Monastery,
Yongammulla,
Yakkala,
Sri Lanka
For visits, consultations, or group Dhamma talks,
please contact us. If you are unable to reach us by phone, kindly leave a (0716 136136) WhatsApp message and we will call you back.
Metta (loving-kindness) means heartfelt friendliness and goodwill towards oneself and others. If a person is friendly towards himself, he will not harm or trouble himself. If a person is friendly towards others, he will not cause harm or trouble to others. Therefore, the friendship that brings benefit to oneself and to others is called Metta (loving-kindness). According to the Anuruddha Sutta in the Majjhima Nikaya, two methods of cultivating loving-kindness meditation are explained. The Venerable Arahant Anuruddha Thera clearly described these two methods. They are:
Appamāṇa Ceto-Vimutti means spreading loving-kindness limitlessly in all directions. This means extending loving-kindness to the ten directions separately. A person who wishes to practice loving-kindness in this boundless way can memorize and recite the following meditation phrases.
Mahaggata Ceto-Vimutti means gradually expanding the area of loving-kindness step by step. First loving-kindness is developed towards oneself, then towards the people in one’s village, then towards the people in the region, and finally towards the whole world. A person who wishes to practice loving-kindness in this way can memorize the following meditation phrases.
Through loving-kindness meditation, the mind can actually be developed up to the third jhāna (meditative absorption). To attain these jhānas through Metta meditation, one must practice in the way taught by the Buddha. When practicing in this way, the five hindrances (pañca nīvaraṇa) are suppressed and the mind becomes concentrated on the object of loving-kindness. With that concentrated mind, by continuing the practice of loving-kindness meditation, one can attain the first jhāna, which contains applied thought (vitakka), sustained thought (vicāra), non-sensual joy, happiness, and one-pointed concentration. By further developing loving-kindness meditation, it is possible to attain the second and third jhānas.
In the Metta Anisamsa Sutta of the Anguttara Nikaya, the benefits of practicing loving-kindness meditation are clearly explained. A person who practices Metta meditation:
International Siyana Vipassana Buddhist Meditation Center
We humbly invite kind-hearted devotees to support the construction of International Siyana Vipassana Buddhist Meditation Center, dedicated to:
Meditation & mindfulness , Dhamma teachings, Spiritual growth for all, Your contribution helps create a sacred space for inner peace and compassion.
Phone: +94 716 136136
Email: meditationbudist@gmail.com
Early morning meditation brings clarity and calm.
Mindful walking connects body and nature.
Shared silence strengthens collective energy.
Let the day settle with awareness.